CLOSE

පුවත්

අයථා ලෙස රාජ්‍ය දේපොළ භාවිත කිරීම ගැන පැමිණිලි රැසක්

අයථා ලෙස රාජ්‍ය දේපොළ භාවිත කිරීම ගැන පැමිණිලි රැසක්

රජයේ තනතුරු දරමින් සිටියදී රජය මගින් ලබාදුන් නිශ්චල සහ චංචල දේපොළ එම නිලතලවලින් ඉවත්වූ පසු නිත්‍යානූකූල නොවන ආකාරයට පරිහරණය කරන බවට පැමිණිලි රැසක් ලැබි ඇති බැවින් එලෙස රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙයි.

යුනුස් බංගලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස දිවුරුම් දෙයි

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස දිවුරුම් දී තිබේ. ඒ, එරට "ව්‍යවස්ථාව රකින බවටත්, ඊට සහයෝගය දෙන බවට සහ ආරක්ෂා කරන බවටත්" ප්‍රතිඥාවක් දෙමින් ය.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැම්පත් කළ ගණන 24ක්

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් විසි හතර දෙනෙක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

'ගාසා හි ළමා අරමුදලට” ලැබුණු මුදල් පලස්තීන රජයට භාර දෙයි

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

Read More

සුනඛයින්ට ලිංගික අතවර කළ කිඹුල් විශේෂඥයා වසර 10ක් හිරේට

සුනඛයින් විශාල ප්‍රමාණයක් ලිංගික අපයෝජනයට ලක්කළ බවට පිළිගත් ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික කිඹුල් විශේෂඥයකු ඕස්ට්‍රේලියාවේ දී වසර 10ක් සහ මාස 5ක කාලයකට සිරගත කර තිබේ.

Read More

ජපානයට ප්‍රබල භූකම්පනයක් - සුනාමි අනතුරු නිකුත් කෙරේ

ජපානයේ කියුෂු දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 7.1 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් වාර්තාවීමෙන් පසු, බ්‍රහස්පතින්දා (8) පස්වරුවේ කියුෂු සහ ෂිකෝකු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දෙමළ පොදු අපේක්ෂකයෙකු නම් කෙරේ

2024 ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේත්‍රන් ඉදිරිපත් කෙරෙන බව ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දඬුවම තහවුරු කෙරේ

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබුවා.

Read More

වැලිකඩ සිද්ධියෙන් එමිල් රංජන් නිදොස් කොට නිදහස්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

Read More

මෙරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය දිවියෙන් සමුගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබේ.

Read More