යාගී බලපෑමෙන් වියට්නාමයේ 127ක් මරුට
සෙනසුරාදා ගොඩබිමට ඇතුල්වූ යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව, නායයාම් සහ ගංවතුර නිසා උතුරු වියට්නාමයේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 54 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.