පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ග්‍රෑන්ඩ්පාස් නාගලගන්වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාගලගන්වීදිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ පසුගිය 17 වනදායි.
තුවාලකරුවන් දුරකතන ඔස්සේ සම්බන්ධකර ගනිමින් වෙඩි තැබීම සිදුවූ ස්ථානයට කැඳවාගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ.
එලෙස එම පුද්ගලයින් කැඳවාගත් සැකකරු ජංගම දුරකතන දෙකක්ද සමග ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුනවට ගෙන තිබෙනවා.
ඔහු වයස අවුරුදු 31වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .
මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තුන් දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.