තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙරට කීර්තිමත් පරිපාලන නිලධාරියකු, රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම උතුරු-නැඟෙනහිර ආණ්ඩුකාර ධුරය ද දැරූ ලයනල් ප්‍රනාන්දු ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) සවස 5.30ට බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
මියයන විට 88 හැවිරිදි වියේ පසුවූ ලයනල් ප්‍රනාන්දු උතුරු-නැඟෙනහිර ගැටුම් ආරම්භ වීමේ මුල් කාලයේ යාපනයේ දිසාපති ලෙසද කටයුතු කළේය.
ඔහු ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහගේ ස්වාමියාවූ අතර රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දු සහ ශාමලිකා යන දියණින්ගේ පියාණන් විය.
විශිෂ්ට රංගන ශිල්පියකුද වූ ඔහු මහගෙදර, තිලක හා තිලකා, පරසතුරෝ වැනි සිනමාපටවල රඟපෑ ඔහු, එදිරිවීර සරච්චන්ද්‍රයනගේ මනමේ නාට්‍යයේ මුල් නිෂ්පාදනයේ වැදි දෙටු ලෙසද රංගනයෙන් දායක වූ අයෙකි.
ඔහුගේ දේහය අද (08) උදෑසන 09.00 සිට බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.