‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මාස 9 ක් තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව පැවසුවේ, අදාළ කාලය තුළ වැටලීම් 81 ක් සිදුකර ඇති බවයි.
අදාළ කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,045 කි.
ඒ අතර, අල්ලස් පැමිණිලි 259 ක්, දූෂණ පැමිණිලි 466 ක් හා අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් පැමිණීලි 86 ක් වෙයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රමාණවත් කරුණු නොතිබීම හා අල්ලස් පණතට අදාළ නොවීම හේතුවෙන් අදාළ කාලය තුළ ලැබී ඇති පැමිණිලි අතරින් 810 ක් පිළිබඳ විමර්ශනය නොකිරීම සඳහා නියෝග ලැබී ඇති බවයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.