පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, එම නව සමාජිකයින් නොබෝ දිනකින්ම සිය පාඨමලා නිමා කර සේවයට වාර්තා කරන බවයි.
මේ අතර දකුණු පළාතේ සිදු කරන වෙඩි තැබීමේ සිද්ධි පාලනය සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා තිබේ.
සංවිධානාත්මක අපරාධ මැඩලීම වෙනුවෙන්,අම්බලන්ගොඩ ප්‍රදේශයටද විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.