‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ රජය මඟින් සමස්ත මහජනතාවට සහන සැලසීම සඳහා වැඩකටයුතු කරගෙන යන බැවින් ඒ අනුව ඔවුන්ගේ විධායක කමිටුව බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළ දැමීමට තීරණය කළ බවයි.
"රජය මඟින් ඉන්ධන මිල පහත දැමීමත් සමග සහ මේ වනවිට ඔටෝ ඩීසල්වල මිල රු 24කින් සහ මීට කලින් රු 10කින් අඩුකිරීමක් කරලා තිබුණා. ඒ මිල ගණන්වලට සාපේක්ෂව ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තුව 4%කින් පහළ දැමීමට තීරණය කළා. මේ වනවිට රජය මඟින් වැඩකටයුතු කරගෙන යනවා සමස්ත මහජනතාවට සහන සැලසීම සඳහා. ඒ අනුව අපේ විධායක කමිටුව බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළ දැමීමට තීරණය කළා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.