‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය හිමියන්ගේ කමිටුව සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක් හිමිව ඇතැයි රජය පවසයි.
මේ අතර වත්මන් ශුද්ධ ණය වටිනාකමින් 40.3% ක් සඳහා සහනයක් ලබාගනිමින්, දළ වශයෙන් ඩොලර් බිලියන 17.5 ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය බාහිර වාණිජ ණය හිමියන් සමඟ ද එකඟතාවකට එළැඹ තිබේ.
මෙමඟින් සැලකිය යුතු ණය සහනයක් හිමිවන අතර ණය පොලී ගෙවීම් අඩු කරමින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන බව රජය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.