මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉකුත් මාසයේ බංගලාදේශය තුළ ඇවිලී ගිය ශිෂ්‍ය විරෝධතා අතරතුර අවම වශයෙන් ළමුන් 32 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා කාර්යාංශය පවසයි.
මියගිය කුඩාම දරුවාට තවම වයස අවුරුදු පහක් සම්පූර්ණ වී නොමැති බවත් බොහෝදෙනා විරෝධතා අවට ගැවසුණු දරුවන් බවත් යුනිසෙෆ් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 13 හෝ ඊට වැඩි අය බවත්, පහට අඩු එක් අයෙක් සහ වයස අවුරුදු හයත් 12ත් අතර එක් දරුවෙකු සිටින බවත් ය.
ජූලි මාසයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පොලිස් වෙඩි තැබීම් හේතුවෙනි. 10,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුව රජය විසින් රාජ්‍ය අංශයේ රැකියා වෙන්කිරීමේ කෝටාව අඩු කර ඇති නමුත් මියගිය, තුවාල ලැබූ හෝ රඳවා තබා ඇති අයට යුක්තිය ඉල්ලා සිසුන් දිගටම විරෝධතා පවත්වමින් සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.