‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ.
රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ දී එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන්ය.
රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම පාසල් වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමග රජයේ පාසල් රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින මෙලෙස අඩු කර තිබේ.
ඒ අනුව 2024 අධ්‍යන වර්ෂය සඳහා වන තුන් වන වාරය සම්පුර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිය 24 වනදා දක්වා පළමු සති 03 පාසල් පැවැත්වීමට නියමිතය.
ලබන වසර සඳහා වන පාසල් වර්ෂය තාක්ෂණික වශයෙන් ජනවාරි 27 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
එමෙන්ම ලබන වර්ෂය සඳහා රජයේ නිවාඩු දින 26ක් ඇති අතර, ඉන් දින 4ක් පමණක් සතිඅන්තයේ යෙදී තිබේ.
අනෙක් සියල්ල සතියේ දිනවලට යෙදී ඇති බැවින් දින 210ක කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වීමත් සමග මෙලෙස පාසල් පැවැත්වීමේ දින ගණන 181ක් දක්වා සීමා කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.