ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
යම් තැනැත්තෙක් එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්‍රමාද වීම් සිදු කරන්නේ නම් නීති ප්‍රකාරව දණ්ඩනයකට හා පොලියකට යටත් කිරීමක් සිදුකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම කිසියම් තැනැත්තෙකු විසින් ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු පවතින්නේ නම් ඒ සියල්ල ද ඔක්තොබර් මස 30වන දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු ව තිබේ.
එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතින්නේ නම් ඒවා අයකර ගැනීම සදහා දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1944 දුරකතන අංකය ඔස්සේ අවස්ථාව සලසා ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.