මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී තිබේ.
ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සිදු කළේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් ඊට අත්සන් තැබූහ.
මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ (DPF) වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව ඇත.
මෙම දෙවසරක වැඩසටහන (2023 - 2024), දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇතිවන බලපෑම් අවම කරමින්, සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහනේ පළමු අදියර 2023 වසරේ දී ක්‍රියාත්මක කළ අතර, ප්‍රධාන අංශ තුනක් යටතේ ප්‍රධාන පූර්ව ක්‍රියාමාර්ග හතක් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඒ යටතේ හැකි විය.
ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන අංශ 03 ලෙස,
ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම: මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරමින් රාජ්‍ය සම්පත් කළමනාකරණයේ මූල්‍ය විනය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම.
වර්ධනය සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම: වඩාත් තරඟකාරී පුද්ගලික අංශයක් හරහා ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම.
දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම: අර්බුදයේ ආර්ථික බිඳවැටීමෙන් සමාජයේ වඩාත්ම පීඩාවට පත්වූ කොටස් ආරක්ෂා කිරීම.
අදාළ මූල්‍ය පහසුකම ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට නම්, රජය විසින් ඉහත සඳහන් ප්‍රධාන අංශ තුන යටතේ පූර්ව ක්‍රියාමාර්ගයන් නවයක් සම්පූර්ණ කළ යුතුව තිබු අතර මනා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ද පවත්වා ගත යුතු වේ.
ඒ අනුව මෙම මූල්‍ය පහසුකමේ දෙවන අදියර ලබාදීම සඳහා ද ලෝක බැංකු මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එය මූල්‍ය ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බලාත්මක වේ.
ලෝක බැංකුවේ මෙම මූල්‍ය ආධාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ අනාගතයේදී එවැනි අර්බුද නැවත ඇතිවීම වැළැක්වීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන අතරම ස්ථාවර සහ තරඟකාරී ආර්ථික පරිසරයක් නිර්මාණය කරනු ලබයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.