මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසීය.
2023-07-01 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, අංක 2415/66 හා 2024-12-21 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කරනු ලැබ ඇත.
2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ පහත සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙලෙස හිමිව තිබේ.
*අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ I වන උපලේඛනයේ අඩංගු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමිවන කාලපරිච්ඡේදය 2025-04-30 දක්වා දීර්ඝ කිරීම.
*එකී යෝජනා ක්‍රමයේ II වන උපලේඛනයේ අඩංගු ආබාධ සහිත තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම සහ වැඩිහිටි තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීම සහ එම තීරණය 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීම.
*II වන උපලේඛනයේ දැක්වෙන ආධාර ලබන ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනාව, වකුගඩු රෝගී තැනැත්තන් සඳහා වන දීමනාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනාවලට යටත්ව, ගෙවීම් කාලසීමාව 2025-12-31 දක්වා දීර්ඝ කිරීම.
*2025 අප්‍රේල් මාසයෙන් පසු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය යටතේ දීමනා ගෙවීම නතර වුවත්, එම පවුල්වල සිටින ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා පිරිනමනු ලබන ප්‍රතිලාභ දීමනා ගෙවීම් කාලසීමාව 2025-12-31 දක්වා දීර්ඝ කිරීම.
*අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් සහ වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව, ඇතුළත් කර ගනිමින් සුදුසුකම් ලබන්නන්ට 2025‑12‑31 දින දක්වා අදාළ දීමනා ගෙවීම.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.