තෙල් මිල වැඩි වන නිසා සහන දෙන්නේ - නලින්ද
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.
මාධ්‍යයට අදහස් දැක්වෙමින් ඔහු පැවසුවේ, ආදිවාසි සංස්කෘතියට නිඟාවන අයුරින් ව්‍යාපාරික අරමුණු කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.
මෙම වීඩියෝ නිර්මාණය කළ තැනැත්තන්ට දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන් ආදිවාසී පරපුර පිළිබඳ සමාජයේ පවතින ගෞරවය කෙලෙසෙන බවත් ඌරුවරිගේ වන්නිල ඇත්තන් එහිදී කියා සිටියා.
ආදිවාසී භාෂාවද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝපටයට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පැවසුවා.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවේ කොටසක් අද (29) පෙරවරුවේ හදිසියේ ගිලා බැසීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.