ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළි කුණාටුව, ඊයේ (30) රාත්‍රියේ උතුරු තමිල්නාඩු - පුදුචේරී වෙරළ තීරය හරහා ඉන්දියාවට ඇතුලු වී තිබේ.
සුළි කුණාටුව නිසා චෙන්නායි ගුවන්තොටුපොළේ ගුවන්ගමන් තාවකාලිකව නවතා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සුළි කුණාටුවෙන් දිවයිනට සිදුවන බලපෑම අඩුවෙමින් පවතින බවයි.
උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළං වේගය, පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකියි.
මුහුදේ සුළං වේගය ද, පැයට කිලෝමීටර 60 ත් 70 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.
ඒ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවතදැනුම් දෙනතුරු මුහුදු යෑමෙන් වළකින්නැයි ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක් කරයි.
පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ප්‍රදේශ වල මුහුදු රළ මීටර 2.5 ත් 3 ත් දක්වා ඉහළ යා හැකියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.