බද්දේගම, හල්පතොට වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලු පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සහ මූල්‍ය සේවකයින්ටද නිවාඩු ලබාදෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
එම කොමිසම නිවේදනය කළේ, සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව නිවාඩු ලබා දිය යුතු බවයි.
මේ අනුව
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 හෝ ඊට අඩු නම් දින බාගයක්ද,
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 ත් 100 ත් අතර නම් දින එකක්ද,
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 100 ත් 150 ත් අතර නම් දින එක හමාරක්ද,
කිලෝමීටර් 150 ට වැඩි නම්, දින 2ක් ද නිවාඩු ලබාදිය යුතු ය.
නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට හා ඒමට එම කාලය ප්‍රමාණවත් නොවන අවස්ථාවන්වලදී දින 3ක කාලයක් ලබා දිය යුතු ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.