තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දැන්වීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඔවුන් දරණ තනතුරුවලින් ඉවත් නොකිරීම හේතුවෙන් ආණ්ඩුව පළමු මාසය තුළම නීතිය අයුතු ලෙස භාවිත කර ඇති බව පවසමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
"ඉවත් කිරීම නොකරන නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ හෘද ශාක්ෂිය... නීතියේ ආධිපත්‍ය පිහිටවනවා කියලා, හිටපු ජනාධිපතිවරු නීතිය අයුතු ලෙස භාවිත කරනවා කියලා විවේචන කළ මාලිමාව තමන්ගේ මාසය තුළම නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දන්වන්න අපි මහජන පෙත්සමක් අත්සන් කරන්න බලාපොරෝතු වෙනවා. සෑම තැනකමට ගිහිල්ලා. මහපාරේ, වැඩබිමේ, ගොවිපොළේ සෑම තැනම ජනතාවගේ හෘද සාක්ෂිය නැත්නම් ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන පිළිකුල පෙත්සමකට ගොනු කරන්න අපි බලාපොරොත්තු වෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.