වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙරට වී තොග පිළිබඳ වාර්තාව මේ සතිය තුළ ජනාධිපතිවරයාට භාර දෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
අනුරාධපුර පොළොන්නරුව හා අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක වී හා සහල් තොග සමීක්ෂණය කිරීම මේ දිනවල සිදු කෙරෙන බවත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින වී තොග මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින තොග ද මේ යටතේ ගණන් ගැනෙනු ඇති බවත් එම අධිකාරිය දැනුම්දෙයි.
නාඩු සහල් සඳහා රුපියල් 220ක පාලන මිලක් පනවා ඇති අතර පාලන මිල ඉක්මවා නාඩු සහල් අලෙවි කළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ත් පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් ද මේ වනවිට ආරම්භ කර ඇති බව ත් පාරිභෝගික කටයුතු අධිකාරීය පවසයි.
වෙළෙඳපොළේ නාඩු සහල් හිඟය සම්බන්ධයෙන් පසුගිය දා සහල් මෝල් හිමිකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ වෙළෙඳපොළේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.