තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මැතිවරණයේදී කියු ආකාරයට අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් පොල් ගෙඩිය පවා ගන්න පෝලිම් යුගයට යාමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේ දෙහිවල දී පැවති ජන හමුවක දී ය.
රටේ ජනතාවගේ ආදායම අඩුව බඩු මිල ඉහළ යාම නිසා දුදරුවන්ට අවශ්‍ය ආහාර දිය නොහැකි පවුල් ලක්ෂ ගණනින් ඇති බවත් මන්දපෝෂණය වර්ධනය වී මව්වරුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩුව ඇති බවත් රජයට ජනතාව ජීවත් කරවන්න විසදුම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියේ ය.
රටේ විදේශ ණය 2028 සිට ගෙවිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය ඩොලර් සංචිත ගොඩනැගීම සඳහා ඩොලර් ලබා ගන්නා ක්‍රමවේද වේගවත් විය යුතු බවත් 2028 දී ද ඩොලර් නොමැතිව ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් ඔහු පැවසීය.
ඉදිරි වසර හතර තුළ රටේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යා යුතු බවත් මන්දගාමී ආර්ථිකයක් තුළ ණය ගෙවිය නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ජීවත් කළ හැක්කේ සමගි ජන බලවේග රජයකට පමණක් බවත් ඔහු සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.