සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් රජයෙන් ඉල්ලීමක් කරයි.
හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“රට පුරා සුරාසැල් සම්බන්ධයෙන් පුළුල් ප්‍රශ්නයක් පවතිනවා. මෙම බලපත්‍ර අනුමත කිරීමට නිර්දේශ කළේ කුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ දේශපාලනඥයන් ද යන්න මහජනතාව දැනගත යුතුයි. ඉදිරි මැතිවරණයට පෙර මෙය ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. එවිට ඊට සම්බන්ධ පුද්ගලයන් අනාගතයේදී තනතුරුවලින් ඉවත් කළ හැකි වෙනවා. මත්පැන් අලෙවිසල් වැඩිවීම තරුණ පරම්පරාවට අහිතකර බලපෑම් ඇති කරමින් සැලකිය යුතු සමාජ ප්‍රශ්නයක් මතුකර තිබෙනවා. සුරාසැල් ව්‍යාප්ත කිරීමට රහසිගතව පහසුකම් සැලසූ දේශපාලනඥයන් සහ පුද්ගලයන් ජනතාව අතරට ගෙන ආ යුතු වෙනවා. ඇතැම් පුද්ගලයන් මූල්‍ය වාසි තකා මත්පැන් බලපත්‍ර විකුණා ලාභ ලැබූ බවට තොරතුරු පවතිනවා. විශේෂයෙන්ම වත්මන් ආර්ථික අර්බුදය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය වරප්‍රසාද ලබාදී තිබෙනවා.
මෙම අතිරික්ත ප්‍රතිලාභ අඩු කිරීම සඳහා අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආර්ථික දුෂ්කරතා ඇති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි වරප්‍රසාද භුක්ති විඳීම සුදුසු නැහැ. අනවශ්‍ය ප්‍රතිලාභ අවම කිරීම සහ පාලනයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම තීරණාත්මක බව ප්‍රකාශ කරමින් වරප්‍රසාද අඩු කිරීම සඳහා තම පක්ෂයේ සහාය ලබාදෙනවා. ඉදිරි මහ මැතිවරණය සඳහා තම පක්ෂයේ නාමයෝජනා ලබාදීමේ කටයුතු පිළිබඳ නව තරුණ මුහුණු හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන් කාන්තාවන් අපේක්ෂකත්වය සඳහා දිරිමත් කිරීමට අවශ්‍ය වෙනවා”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.