‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඉදිරි මහ මැතිවරවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පොලිසිය හා මැතිවරණ කොමිසමේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (02)පැවැත්වෙයි.
මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිදු කෙරෙන අතර ඒ සඳහා ආරක්ෂාව සැලසීම ඇතුළු මහ මැතිවරණයේ සමස්ත ආරක්ෂක වැඩපිලිවෙල සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවදානය යොමු කෙරෙනු ඇති.
මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම කතර කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී එකඟතාවයන්ට පැමිණීමට නියමිත ය.
ඒ සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් සහභාගි වීමට නියමිතයි.
මේ අතර, ජාතික මැතිවරණ කොමිසමද අද(02) රැස්වීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.