CLOSE

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එජාප හමුවකදී අද සම්මත කර ගැනුණි.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් නායක එජාප සභාපති වජිර අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම පාක්ෂික හමුව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණු බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසීය. හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගි විය.

lankadeepa.lk

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.