මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ප්‍රවීණ නර්ත්නාචාර්යවරියක වන දේශමාන්‍ය වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 93 වැනි වියේ පසු වුවාය.
නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මනී දමයන්ති පෙරේරා නමින් 1932 වසරේ මාර්තු මස 15 වැනි දින උපත ලැබූ ඇය 20වන සියසේ ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නර්තන ශිල්පිනිය ලෙසින් සැලකුම් ලැබුවා ය.
ඇයගේ මහත්වූ ප්‍රතිභාවත්, විශිෂ්ට ශිල්පීයත්වයත් දීර්ඝකාලීන පර්යේෂණත් ඔස්සේ උඩරට නර්තන කලාවේ කාන්තා භූමිකාව උදෙසා නව මංපෙත් විවර විය.
වජිරාවන්ගේ ප්‍රථම ප්‍රසිද්ධ රංගනය වූයේ 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් නිෂ්පාදනය කළ ‘පැජන්ට් ඔෆ් ලංකා’ ප්‍රසංගයේය. එහි චිත‍්‍රසේනයන් නිර්මාණය කළ ‘රාමායනය’ නර්තනාංගයේ ‘රන් මුවැත්තිය’ ලෙස ඇය රඟපෑවාය. 1952 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘චණ්ඩාලිකා’ නෘත්‍ය නාටකය ඇසුරෙන් චිත‍්‍රසේනයන් නිර්මාණය කළ ‘චණ්ඩාලි’ මුද්‍රා නාටකයේ ප්‍රකෘතිගේ චරිතය රඟපාමින් මුද්‍රා නාට්‍ය චරිතාංග නර්තනය පිළිබඳ අත්පොත් තබන්නී, පසුව කරදිය, නල දමයන්නි ආදී මුද්‍රා නාට්‍යවල ප්‍රධාන චරිත රංගනය මගින් එම රංග ධාරාවේ අග්‍රඵල ලබන්නීය. වජිරාවෝ නර්තන ශිල්පිනියක හා රංග වින්‍යාස ශිල්පිනියක ලෙස චිත‍්‍රසේනයන් සෙවණේ වැඞී ප්‍රධාන නර්තන ශිල්පිනියක් ලෙසින් ලොව රටවල් ගණනාවක ස්වකීය නර්තන ප්‍රතිභාව විහිදා දක්වමින් බොහෝ ප්‍රේක්ෂක හා විචාරක පැසැසුම් රැසක් ලබා ගන්නීය. ආනන්ද සමරකෝන් සූරීන් ගේ සංගීතයට අනුව ‘කුමුදුනී’ ළමා මුද්‍රා නාට්‍යය නිර්මාණය කරමින් ඇරැඹුණු ඇයගේ මුද්‍රා නාට්‍යය නිර්මාණය චාරිකාව ‘වනජා, රන් කිකළි, නිල්යකා, නිරාශා, අණබෙරය, හපනා’ ආදී ළමා මුද්‍රා නාට්‍යය මෙන්ම ‘ගිනි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, බෙර හඬ, ශිව රංග’ ආදී කලාත්මක මුද්‍රා නාට්‍ය කෘති ගණනාවක් ශ්‍රී ලාංකේය රසිකයන් වෙත දායාද කිරීමට සමත් විය. 1965 හා 1972 වසරවල චිත‍්‍රසේනයන්ගේ ‘නෘත්‍යාංජලී’ සහ ‘නවාංජලී’ නර්තන ප්‍රසංග සඳහා වජිරාවෝ සම්ප්‍රදායික ශාස්ත්‍රීය අර්ධ ශාස්ත‍්‍රීය හා ජන නැටුම් විශාල සංඛ්‍යාවක් නිර්මාණය කළාය. විශේෂයෙන් ලී කෙළි, සවරන්, රබන්, තාලම් ආදී ජන නැටුම් නූතන වේදිකාව සඳහා ප්‍රතිනිර්මාණය කරමින් ඇය හඳුන්වාදුන් නව රංග වින්‍යාස ව්‍යාකරණය අද දක්වා බොහෝ ආධුනික නිර්මාණකරුවන් විසින් අනුගමනය කෙරේ.
ආචාර්ය වජිරා චිත‍්‍රසේන මැතිනිය භාරතයේ පුරවැසියකු ලබන ඉහළම ජාතික සම්මානයක්වන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පුද ලැබුවාය. ඒ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන කලාව තුළින් ජගත් සංස්කෘතියට ඇය එක් කළ මහඟු කලා දායාදයට උපහාර පිදීමක් වශයෙන්ය.
වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේන විසිනි. වර්තමාන නර්තනවේදිනියන්ට තම කුසලතා පෙන්වීමට මඟක් සකස් කිරීමේ මූලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් වූ වජිරාවනි ඔබට සුබ ගමන්!
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.