හිනිදුම වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට
ගාල්ල හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ භාවිත නොකරන හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කාර්යාල වේලාවේ දී තැපැල් කාර්යාලයට ගොස් තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යය බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසීය.
මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98 ක් පමණ ජන්දදායකයන් වෙත බෙදා හැර ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම
නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ සඳහා පහත පියවර අනුගමනය කළ හැකියි,
https://eservices.elections.gov.lk යන මැතිවරණ ඊ-සේවා වෙබ් අඩවියට පිවිස එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන් ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සෙවුම යන ඊ-සේවාව වෙත යොමුවීම.
එහිදී ජාතික හැඳුම්පත් අංකය යොදා ඒ අනුසාරයෙන් ලැබෙන තොරතුරු අතුරින් මැතිවරණය සඳහා ලියාපදිංචි තොරතුරු ජනාධිපතිවරණය – 2024 වෙත පිවිසීම.
එවිට 2024 ජනාධිපතිවරණය සඳහා භාවිතා වන නාමලේඛනයේ ඔබගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සඳහන් වන අතර එයට පහළින් ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර ඡන්ද දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රය බාගත කර ගැනීම සඳහා යොමුවිය හැකියි.
ඒ සමඟම ඔබගේ ජංගම දුරකතනයට කේතයක් ලැබෙන අතර, එම කේතය “Enter the code” යනුවෙන් දිස්වෙන ස්ථානයට ඇතුළත් කර ඔබගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කර ගැනීමේ හැකියාව ඇත.
ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම්පත අනිවාර්ය අවශ්‍යතාවක් නොවන අතර, 2024 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් වලංගු හැඳුනුම්පතක් සහිත ඕනෑම ඡන්ද හිමියෙකුට තමාට වෙන්කර ඇති ඡන්ද පොළ වෙත ගොස් අනන්‍යතව සනාථ කිරීම ප්‍රමාණවත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගාල්ල හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ භාවිත නොකරන හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අද (29) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.