තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ගැඹුරු ආර්ථික පරිවර්තනවලට පෙර ජනතාවට මුලික අවශ්‍යතා සපුරා ගත හැකි වාතාවරණයක් රට තුල නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
සුබ නැකතට රට අනුරට විජයග්‍රාහී ජනරැලි මාලාවේ කළුතර ජනරැලියට අද (18) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"ලංකාවේ අපි සතුටු විය යුතු දේශපාලනයක් අද නිර්මාණය වෙලා තියෙනවා. උතුර දකුණ නැගෙනහිර දකුණ වෙන්වෙලා කරපු දේශපාලනය සිංහල දෙමල මුස්ලිම් ජනයා වෙන්වෙලා කරන ලද දේශපාලනය...... ජාතික ජන බලවේගය සමත්වෙලා තියෙනවා උතුර දකුණ නැගෙනහිර එකට එකතු කරන ලද සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ ජනයා, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලු ජනයා එක තැනකට එකතුකරන ලද දේශපාලනයක් කිරීමට. අපි ජයග්‍රහණය කරන්න පෙරම ඒ ප්‍රශ්නයේ දී අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් රටට හිමිකර දී තියෙනවා. අපි ජාතික සමගියේ ඉදිරි පියවරයන් 21 වැනිදායින් පසුව ඉටු කරනවා.
අනෙක විධ දුක් දොම්නසට පත්වී සිටින ජනතාව ආරම්භයක් ලෙස බලාගැනීම රජයේ වගකීමක්. එනිසා අපි සැලසුම් කරලා තියෙනවා ජීවත්වීමට අසීරුම පවුල්වලට රුපියල් 7,500 සිට 10,000 දක්වා දීමනාවක් ලබාදෙන්න කෙටිකාලයකට. මේ කලාපයේ ඉහලම විදුලිබිල කෙටිකාලයක් ඇතුලත අඩුම විදුලි බිල බවට පරිවර්තනය කරනවා. සෞඛ්‍ය අධ්‍යාපන අත්‍යවශ්‍ය ආහාර සඳහා ඇතුළුකොට තිබෙන බදු මුළුමනින් නිදහස් කරනවා. ගැඹුරු ආර්ථික පරිවර්තනවලට පෙර මුලික අවශ්‍යතා සපුරා ගත හැකි වාතාවරණයක් නිර්මාණය කරනවා. ආරම්භයේදීම අපි ඒ පරිසරය හදලා දෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.