වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්‍රචාරක රැළි සඳහා මොනරාගලදී එක්වෙමින් අද (18) පැවසීය.
රටේ ජනතාවගේ වගකීම සමගි ජන සන්ධානය භාර ගන්නා බවත් දක්ෂ, පලපුරුදු කණ්ඩායමක් සමග පොදු ජනතාවගේ අයිතීන් සුරකින පොදු ජන යුගය බිහි කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
"ජනතා විමුක්ති පෙරමුණට, පොදුජන පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට සහ අනෙකුත් පක්ෂවලට සම්බන්ධ සියලු දෙනා අවසාන මොහොතේ හෝ ඔබගේ ඡන්දය නාස්ති නොකර දුරකතනයට ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි ළඟ හොර බොරු වංචා නෑ. අපි ළඟ දේශපාලන ඩීල්” කුමන්ත්‍රණ නෑ. මේ රටේ දුකට පත්වී සිටින ලක්ෂ 220 ක් ජනතාව දුකින් මුදවාගෙන රට ගොඩනැගීම තමයි අපිට තිබෙන එකම ඩීල් එක. ජනතාවගේ බදු බර අපි පහත හෙළනවා. ආයෝජන වැඩි කරනවා. ආයෝජනවලට වගේම රටට පිළිකාවක් වූ දූෂණය වංචාව හොරකම අපි අනිවාර්යෙන්ම පිටු දකිනවා. රට විනාශ කළ හොරුන්ව නීතියේ ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා. සමගි නීතිඥ සංගමය සහ සමගි බුද්ධි මණ්ඩපය ෆයිල් පෙන්න පෙන්න බොරු සංදර්ශන කරන්න ගියේ නෑ. මේ රට බංකොලොත් කළ රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගෙන ඒමට අපට හැකිවුණා. අපි හොරුන් අල්ලනවා වගේම හොරකම් කළ රටේ සම්පත් නැවත අපේ මාතෘ භුමියට ලබාගන්න අනිවාර්යෙන්ම කටයුතු කරනවා"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.