‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත යි.
ඒ අනුව, අද මැදියම් රැයේ සිට ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 21 වැනි දා තෙක් නිහඬ කාලයක් ලෙස සලකන බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටින්නේ.
එම කාලය තුළ නීති විරෝධීව මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නොයෙදෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරල් සමන් ශ්‍රී රත්නායක සියලු අපේක්ෂකයින්ට හා ජනතාවට දැනුම් දෙයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.