වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ලක්ෂ්මන් වසන්ත පෙරේරා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී තිබු බවට වාර්තා වේ.
මෙහිදී ඔහු එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසා ඊට උරන වූ රෝහිනී විජේරත්න ලක්ෂ්මන් වසන්ත වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට නොපැමිණෙන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිට තිබෙන බව පැවසේ.
පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබු අතර ඒ අනුව ඇය සජිත් ප්‍රේමදාස සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනක අසුන් ගෙන තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවයි .
එහෙත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන ලෙසද ඇය එහිදි සඳහන් කළා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.