විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන රැලියක් කුරුණෑගලදී ඊයේ (15) පැවැත්වුණි.
"මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය සේවකයාට හෝ කාටහරි පඩි වැඩිකරනවා නම්, බදු වැඩිකරන්න ඕනේ කියපු අයත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල, පඩි වැඩිකරන්න අද කතා කරලා තියෙනවා. එකට එකක් පරස්පර විරෝධී ප්‍රතිපත්ති හැම අපේක්ෂකයෙක්ම ගිය මාස දෙක තුන අතර ප්‍රකාශ කරලා තියෙනවා. මට හිතාගන්න බැරි ඔවුන් රවට්ටන්න හදන්නේ, තමන්වද ? ඡන්දදායකයා ද? කියන කාරණය. අපි කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා. බැරි දේ බැහැයි කියනවා. අපේ තාත්තා අපිට උගන්වලා තියෙන්නේ ඒ විදියට. අපි අභියෝගවලට බය නෑ. අපි අභියෝගවලට ආදරේ කරනවා. අපි නූතනත්වයට යන්න ඕනේ නම්, නවීකරණය වෙන්න ඕනේ. නවීකරණය කියන්නේ නූතන රාජ්‍ය යාන්ත්‍රණය තාක්ෂණය එක්ක බද්ද කරන එක. මේ දරුවන්ට අවශ්‍ය සංවර්ධනය, දරුවන්ට අවශ්‍ය හෙට දවස, දරුවන්ගේ අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ඉගෙන ගන්න දෙයින් තෘප්තිමත්ව, සතුටින් රස්සාවක් කරන්න පුළුවන්, හොඳ ආදායමක් ලබන්න පුළුවන් ආර්ථික පසුබිමක් හදන එක. අපි අද තීන්දු තීරණ ගන්නේ වර්තමානයේ අපේ වයස්වල ඉන්න තරුණ තරුණියන් වගේම ශිෂ්‍යත්වය ලියන දරුවන්ට වගේම, හෙට උපදින දරුවන් වෙනුවෙන් මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් එක්ක බව ඔබලාට වගකීමෙන් ප්‍රකාශ කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.