වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ අද (16) උදෑසන පැමිණිල්ලක් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු වේදිකා සඳහා ශබ්දවාහිනී සවි කරන්නකු බවට හඳුනා ගෙන ඇතැයි පොලිසිය කියයි.
(බී.ජි. චතුරංග සහ දයාරත්න ඇඹෝගම - lankadeepa.lk)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.