CLOSE

ලැබුණු අවස්ථාවේ යම ලෝකයට යනවද ? තුන්වෙනි ලෝකයේ ඉන්නවද? එහෙම නැත්තන් අපි පලවෙනි ලෝකය දෙසට දියුණු ලෝකයක් දෙසට පියමන් කරනවා ද? යන්න තීරණය කළ යුතු බව ජනපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේ ඊයේ (9) පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

"තුන් දෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශ තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. බබෙකුගේ ප්‍රකාශයකුත් තියෙනවා. පොත් 4යි. ඒවාට ප්‍රතිපත්ති ප්‍රකාශ කියලාත් කියනවා. ඒ ඇතුලේ කිසිම ප්‍රතිපත්තියක් නැති බව පැහැදිලියි. මට කියන්න තියෙන්නේ ඔය ආපු 4 දෙනාම වෙනසක් කරන්නේ නෑ කියලා. ඔබේ ජිවිතේ 22 වැනිදා උදේ නැගිටිනකොට ඔබ ඉන්නේ මේ ලන්තයේමයි. ඔබ තීරණය කරන්න. මේ ලැබුණු අවස්ථාවේ යම ලෝකයට යනවද ? තුන්වෙනි ලෝකයේ ඉන්නවද? එහෙම නැත්තන් අපි පලවෙනි ලෝකය දෙසට දියුණු ලෝකයක් දෙසට පියමන් කරනවා ද? සතුටු දැයක් නිර්මාණය කරනවා ද?"

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.