වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (08) දිනය ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.
"හෙට දිනය ඉරිදා දිනයක් වුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරලා කටයුතු කරනවා. එම දිනයේදී අපි බලාපොරොත්තු වෙනවා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට රැගෙනගොස් භාරදෙන්න."
"ඒ නිසා නිවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා හෙට දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙසට."
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ වු අතර එම කටයුතු සැප්තැම්බර් 14 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.