විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, පී. අරියනේත්‍රන් සහ දිලිත් ජයවීර සිය සහභාගිත්වය ස්ථිර කර ඇති අතර ස්වාධීන අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම විවාදයට සහභාගි වීමට නොහැකි බව එම සංවිධානයට දැනුම් දී තිබේ. ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක ගේ සහභාගිත්වය සනාථ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව, හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසා සිටියේ.
"අපි තාමත් බලාරොත්තු සහගතව ඉන්නවා ජාතික ජන බලවේගයේ නායකතුමා. ඔවුන්ට රැස්වීම් තියෙනවා, ටිකක් කාර්ය බහුල බව තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ඒක අනිත් අපේක්ෂකයින්ටත් අදාළයි. තාමත් තහවුරු කරලා නැහැ. ටිකක් අමාරු බවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි තාමත් බලාපොරොත්තු සහගතව ඉන්නවා. ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකාවල, නාලිකා 7ක් සජීවවී විකාශය කරන්න එකඟ වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මීට සහභාගීවීමට අපහසු බව ලිඛිතව දන්වා තිබෙනවා. අනුර දිසානායක මහතාට තාමත් ඉඩකඩ තියෙනවා. අපි බලාපොරොත්තු සහගතව ඉන්නවා..."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.