වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
සේවා ස්ථානයට ආසන්න සේවකයන්ට අවශ්‍ය යැයි හැගෙන්නේ නම් අවම පැය 04 ක කාලයක් වැටුප් රහිතව විශේෂ නිවාඩු ලබාදිය යුතු වේ.
එමෙන්ම සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 ට හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් ලබාදි යුතුයි.
කිලෝමීටර් 40 ත් 100 ත් අතර දුරක් පවතින්නේ නම් දිනක නිවාඩුවක් හිමියි.
කිලෝමීටර් 100 ත් 150 අතර දුරක් පවතින්නේ නම් දින එක හමාරක නිවාඩුවක් හිමිවන අතර කිලෝමීටර් 150ට වඩා වැඩි දුරක් පවතින්නේ නම් දින 2 ක නිවාඩුක් ලබාදිය යුතු වේ.
දිවයිනේ ඇතැම් ඡන්ද දායකයන් ස්වකීය ඡන්ද පොලට යාමට හා ඒමට දින තුනක් ගතවන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් තිබීම හේතුවෙන් අවස්ථාවෝචිතව දින 03 ක් නිවාඩු දීමට කටයුතු කරන ලෙස ද දන්වා ඇත.
සේවකයන් සිය නිවාඩු ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි.
සෑම සේවා යෝජකයෙකුම විශේෂ ඉල්ලීම් කළ තැනැත්තා හා නිවාඩු ප්‍රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛණයක් පිලියෙල කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.