වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බව ත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇති බවද ඔහු පැවසීය.
"අපි ප්‍රථමයෙන්ම කරන්නේ ගලවා ඉවත් කිරීම. සමහර වෙලාවට කියන්න පුළුවන් හදිසි ගමනක් යන්නේ, තම දරුවා පාසලට රැගෙන යන්නේ වගේ විවිධ දේවල්. නමුත් ඒ මොනවා කිව්වත් සමාවට කාරණයක් විදියට ගන්නේ නැහැ. මාර්ගයේදී නතර කළොත්, ඒ වාහනයේ යම්කිසි ආකාරයකට ස්ටිකර්ස් හරි පොස්ටර්ස් හරි තියෙනවානම් අපි අනිවාර්යයෙන් ගලවා ඉවත් කරනවා. ඒවා ගලවනකොට තදින් අලවලා තියෙනවානම් වාහනයට වුණත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වහාම ඔබ ඔබගේ වාහනවල මේවා අලවලා තිබෙනවා නම් පොලීසිය මැදිගත් වෙලා ඉවත්කරගන්න කලින් ඔබට පුළුවන් නිදහසේ ගලවා ඉවත් කරන්න".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.