සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දෙමාපියන් නොදැනුවත්ව දරුවන්ට පැරසිටමෝල් අධිමාත්‍රා ලබා දීම නිසා දරුවන් රෝහල්ගත වීම සුලභ බවත් මේ නිසා දරුවන්ගේ අක්මාවට හානි වන බැවින් නියමිත මාත්‍රාවලින් බැහැරව පැරසිටමෝල් ලබා නොදෙන ලෙස ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අගෝස්තු මස 31 වනදාට යෙදෙන ජාත්‍යන්තර අධිමාත්‍රා පිළිබඳ දැනුවත් කිරීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද(28) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
වෛද්‍යවරයා නියම කරන ඖෂධ වට්ටෝරු තුළ ද පැරසිටමෝල් ඖෂධය අන්තර්ගත විය හැකි බැවින් දරුවන්ට උණ ඇඟපත වේදනා ඇතිවිට පැරසිටමෝල් අමතරව ලබා දීම නිසා දරුවන් මිය යන අවස්ථා පවා තිබෙන බව ද රවී ජයවර්ධන සඳහන් කළේය.
දරුවන්ට උණ රෝගය උත්සන්න වූ විට පැරසිටමෝල් අධිමාත්‍රාවලින් දීමට ඇතැම් දෙමාපියන් පෙළඹෙන බවත් එලෙස නොකරන ලෙසත් වෛද්‍ය උපදෙස් පරිදි නියමිත මාත්‍රා නියමිත පරිදි ලබා දෙන ලෙසත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.
මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් වෛද්‍යවරයා නියම කරන ඖෂධ වට්ටෝරුව තුළ පැරසිටමෝල් ඖෂධය අන්තර්ගත ද, අමතර පැරසිටමෝල් මාත්‍රාවක් දරුවාට ලබා දිය යුතු දැයි වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්නා ලෙසත් ඔහු අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රවි ජයවර්ධන සඳහන් කළේ ඕනෑම ආකාරයක ඖෂධ විෂවීමකදී ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ 0112 686 143 යන දුරකතන අංකය අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.