1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.
අදාළ නියෝග ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.
කෲර වධ හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර තිබේ.
විනිසුරුවරයා කියා සිටියේ, පසුගිය කාලසීමාව තුළ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා විවිධාකාර නියෝග, අවවාද, මාර්ගෝපදේශ අධිකරණය විසින් නිකුත් කර තිබූ බවය.
එහෙත් ඒ පිළිබඳව ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලක් දක්වා නොමැති අතර කිසිදු වාර්තාවක් හෝ ඉදිරිපත් කර නොමැති බව විනිසුරු තුරෙයි රාජා මහතා පෙන්වා දී තිබේ.
2009 වසරේ කැලණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයකදී පොලීසිය විසින් තමන්ට පහර දී අවමන් සහගත ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙදෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් මෙම අදහස් පළ කළ බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.