විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
දින කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ අඩුවීමක් මේ වනවිට දැකගැනීමට හැකිවුවත්, පැවති අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
වාරිමාර්ග ඉංජිනේරු (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ජී. ඩබ්. ඒ. සකුරා දිල්තාරා අද (22) පස්වරුවේ පවසා සිටියේ කළු, ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණීන්ගේ ගංවතුර අවදානම තවමත් පවතින බවයි.
"දින කිහිපයක් පුරාවට පැවති කළු, ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණීන්ගේ මෙන්ම කළු ගඟෙහි උප ද්‍රෝණියේ ගංවතුර අවදානම තවමත් පවතිනවා. නමුත් අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා එහි ජල මට්ටම තව දුරටත් ඉහළ යාමකින් තොරව ජල මට්ටමේ අඩුවීමක් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් ඉදිරි දිනය තුළත් පහත්බිමවල ගංවතුර තත්ත්වය පවතීවි. පවතින වර්ෂා රහිත කාලගුණ තත්ත්වයත් සමග මෙම තත්ත්වය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම කළුතර කුඩා ගංඟාවේ පහත්බිම් ආශ්‍රිතව මාර්ග තවමත් ජලයෙන් යටවී පවතිනවා. එමනිසා එම මාර්ග භාවිතයේදී රථ වාහන රියදුරන් දැඩි අවධානයක් යොමුකළ යුතුය. ගිං ගඟෙහි බද්දේගම හා ඉන් පහත් ප්‍රදේශයන්හි ජල මට්ටමද ක්‍රමයෙන් බැස යෑමක් පෙන්නුම් කළත්, එම පහත්බිම් හරහා වැටී ඇති මාර්ගත් භාවිත කිරීමේදීද දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ වගේම නිල්වලා ද්‍රෝණියේ ජල මට්ටම්හි අඩුවීමක් පෙන්නුම් කළත්, තවමත් පහත්බිම් ආශ්‍රිතව ඉහළ ජල මට්ටම් වාර්තා වෙනවා".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.