ලංකාව ටෙස්ට් ලැබ් එකක් විදියට පාවිච්චි වෙන රටක් ද? - අභිෂේකා වාසල බණ්ඩාර
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" "නෑ" "ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?" "ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි." "හොඳයි හොඳයි"
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට තවත් ඉතිරිව ඇත්තේ මාසයක කාලයකි.
ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීමේ අරමුණින් අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. මීට පෙර පැවති ජනාධිපතිවරණවලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු වටා ජයග්‍රහණය දෝලනය වන බවක් දක්නට ලැබුණ ද මෙවර තත්ත්වය වෙනස් මුහුණුවරක් ගෙන ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, 50% ඡන්ද ප්‍රතිශතයක් එක් අපේක්ෂකයෙකුට ලබා ගත හැකි ද යන්න පවා මේ වන විට ප්‍රශ්නකාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.
මේ සියලු අභියෝග මැද මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයාට බරපතළ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.
ආර්ථික අභියෝගය
මීළඟට පත්වන ජනාධිපතිවරයාට ඇති අභියෝගවලින් ප්‍රධානතම අභියෝගය ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමේ අභියෝගය බව බොහෝ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් බීබීසී සිංහල සේවයට පැවසුවේ, රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීම සහ රාජ්‍ය ආදායම් උත්පාදනය ඉහළ නංවා ගැනීම ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන බව ය.
"බරපතළ ම අභියෝගය තමයි, මේ ආර්ථිකය කොහොම ද යථා තත්ත්වයට පත් කරන්නෙ කියන කාරණය," ඔහු පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම අභියෝගයක් වනු ඇති බව ය.
"මූලික දෙයක් තමයි, ඉදිරියේදී පත්වන ඕනෑ ම ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අනිවාර්යයෙන් ම වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒක පවතින යථාර්ථයක්. නමුත්, ඒ ඒ දේශපාලන පක්ෂවලට තමන්ගේ ප්‍රතිපත්ති අනුව යම් වෙනසක් කර ගන්න අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආයෙත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට අවස්ථාව තියෙනවා. යම් යම් කොන්දේසි වෙනස් කර ගන්න කතා කරන්න වෙයි. හැබැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන එකඟතාව ක්‍රියාත්මක කරගෙන යන්න සිද්ධ වෙනවා."
ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව 2019 වසරට සාපේක්ෂව දෙගුණයකට අධික අගයකින් ඉහළ ගොස් තිබේ. දරිද්‍රතා රේඛාව යනු පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා පිරිමසා ගනිමින් මසක කාලයක් ජීවත් වීම සඳහා වැය වන අවම මුදල් ප්‍රමාණය යි.
2019 වසරේදී දරිද්‍රතා රේඛාව රු. 6966.00ක් ලෙස සටහන් වූ අතර, 2024 මැයි මාසය වන විට එම අගය රු. 16,326.00ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ආසන්න වශයෙන් තුන් ගුණයකට ආසන්න ඉහළ යාමකි.
2019 වසරේ සිට දරිද්‍රතා රේඛාව ඉහළ ගොස් ඇති ආකාරය පහත ප්‍රස්ථාරයෙන් පැහැදිලි වෙයි.

ආචාර්ය අතුලසිරි සමරකෝන් පෙන්වා දෙන්නේ, ඉහත දක්වා ඇති ආර්ථික ගැටලු කළමනාකරණය කර ගැනීමේ අභියෝගය ඉදිරි ජනාධිපතිවරයා හමුවේ පවතින බව ය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය නලින් අබේසේකර පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට නම් නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම නතර කළ යුතු බව ය.
එළඹෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නා තැනැත්තා ජය ගත යුතු දැවැන්ත ම අභියෝගය එය බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
"1965 ඉඳලා අපි 17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන තියෙනවා. ඊළඟට පත්වෙන ජනාධිපතිවරයා ඉදිරියේ තියෙන ප්‍රධාන ම අභියෝගය වෙන්නේ, 18, 19, 20 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නවා ද? කියන එක. ණය මත යැපෙන්නෙ නැතුව රාජ්‍ය ආදායම් උත්පාදනය කර ගන්න එක ලොකු අභියෝගයක්."
මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයෙකු මුහුණ දෙන ප්‍රධාන අභියෝගය ආර්ථිකය නොවන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ අදහස යි.
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, රටේ මේ වන විට පවතින දැවැන්ත ම අර්බුදය අභ්‍යන්තර දේශපාලන අර්බුදය වන බව ය.
දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ අභියෝගය
"රටේ මේ වෙනකොට තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි, දේශපාලනික අවිනිශ්චිතභාවය පිළිබඳ ගැටලුව. ආර්ථික ගැටලුව ගැන ගොඩක් අය කතා කළාට ඒක විසඳන්නත් දේශපාලනික ස්ථාවරභාවයක් අවශ්‍ය වෙනවා," මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට පක්ෂවල බලය මත පදනම් වී පැවති දේශපාලන ක්‍රමය වෙනස් වී ඇති අතර, ඒ හේතුවෙන්, රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතියක් ඇති කර ගැනීමට අභියෝගයක් එල්ල වී ඇති බව ය.
"දේශපාලන පක්ෂවලට සමාජයේ තිබුණ ආධිපත්‍යය ගොඩක් දුර්වල වෙලා තියෙනවා. 2022 මහජන නැගිටීමත් එක්ක ඒ තත්ත්වය තවත් තීව්‍ර වෙලා තියෙනවා. දැන් සාම්ප්‍රදායික පක්ෂ නෙවෙයි, ගොඩක් වෙලාවට ජනප්‍රිය වෙලා තියෙන්නේ. පක්ෂ කිහිපයක් එක් වෙලා හදපු සන්ධාන තමයි තියෙන්නේ."
ප්‍රධාන අපේක්ෂකයින් වන රනිල් වික්‍රමසිංහ මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන අතර, සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානය නමැති පක්ෂ එකතුව නියෝජනය කරයි. මේ අතර, අනුර කුමාර දිසානායක ද ජාතික ජන බලවේගය නමැති සන්ධානයෙන් තරග කරයි.
ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදී ප්‍රධාන පක්ෂවලින් අපේක්ෂකයින් ඉදිරිපත් වී නැත.
අනෙක් අතට, මීට පෙර ජනාධිපතිවරණවලදී පැවති කඳවුරු දෙකක් අතර දෝලනය වූ තරගය, මෙවර අවම වශයෙන් කඳවුරු තුනක් අතර සිදුවන බවක් පෙනේ.
"මීට කලින් තිබුණෙ කඳවුරු දෙකයි. දැන් කඳවුරු ගණනාවක් තියෙනවා. ප්‍රධාන අපේක්ෂකයින් තුන් දෙනෙක් අතරේ ඡන්ද බෙදිල යයි. මේක ලොකු රෝග ලක්ෂණයක්. ඉදිරි දේශපාලනයේ ලොකු ම අභියෝගය මේක තමයි. ඉදිරි පාර්ලිමේන්තුව බොහොම දුර්වල පාර්ලිමේන්තුවක් වෙයි. ඒ දේශපාලන අස්ථාවරභාවය කළමනාකරණය කර ගන්න එක ලොකු අභියෝගයක්," මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පෙන්වා දුන්නේ ය.
සමාජ අතෘප්තිකරභාවය
සමාජයේ පවත්නා අතෘප්තිකරභාවයට මුහුණ දීම, මීළඟ ජනාධිපතිවරයා හමුවේ ඇති තවත් අභියෝගයක් බව ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් සමාජයේ බොහෝ දෙනෙකු අතෘප්තියකින් පසු වන බව ය.
"සමාජයේ පවතින අතෘප්තිකරභාවයත් දැන් තියෙන ලොකු ප්‍රශ්නයක්. ආර්ථික යුක්තිය හිමි නොවුණ ජනතාව අතර පවතින අතෘප්තිකරභාවයට විසඳුම් දෙන බවක් පේන්නෙ නෑ. ආණ්ඩුව කරන්නෙ ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීම විතර යි. එහෙම නැතුව සමාජ සාධාරණත්වය ගැන ගැඹුරින් සොයා බලා විසඳුම් ලබා දීම දැවැන්ත අභියෝගයක්."
දරිද්‍රතා රේඛාව තුන් ගුණයකට ආසන්න අගයකින් ඉහළ යාම හේතුවෙන් රට තුළ වෙසෙන සෑම තරාතිරමක ම ජනතාව දැඩි අතෘප්තිකරභාවයකින් පසු වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
විදේශ ප්‍රතිපත්තිය
නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලනික තත්ත්වය වර්ධනය කර ගැනීමේ අදහස පෙරදැරිව සිය විදේශ ප්‍රතිපත්තිය හසුරුවා ගත යුතු බව ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.
"ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව යන බලවතුන් තුන් දෙනා ඉදිරියේ හැසිරෙන්න ඕන කොහොම ද කියන එක අලුත් ජනාධිපතිවරයා තීරණය කළ යුතු යි. ඔහුට සිද්ධ වෙනවා, අනිවාර්යයෙන් ම ඉන්දියාව සමග සමීපව කටයුතු කරන්න. ඒ අතරේ, චීනය අමනාප කර ගන්නත් බැහැ. ඇමෙරිකාවත් වැදගත්.
මධ්‍යස්ථභාවයකින් යුතුව රටවල් ඇසුරු කිරීමේදී සමදුර පවත්වා ගන්න එක අභියෝගයක්."
මේ අතර, මහාචාර්ය නලින් අබේසේකර ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩි වන ආකාරයට විදෙස් රටවල් සමග ගනුදෙනු කළ යුතු බව ය.
අධ්‍යාපනය
ඉදිරි ජනාධිපතිවරයෙකුගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දැවැන්ත පරිවර්තනයකට ලක් විය යුතු බව මෙහිදී අප කරුණු විමසූ විද්වතුන් තුන් දෙනාගේ ම අදහස විය.
පවත්නා අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම වෙනස් විය යුතු බව මහාචාර්ය නලින් ද අබේසේකර පැවසීය.
ව්‍යවසායකත්වය කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් වෙනුවෙන් අධ්‍යාපනය සකස් විය යුතු බව ඔහුගේ අදහස යි.
"අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණශීලී නැහැ. ඒ නිසා අධ්‍යාපනය ලබපු ජනතාව ගොඩක් රටේ හිටියට රටේ ප්‍රගමනයට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා කටපාඩම් ක්‍රමය වෙනුවට නිර්මාණශීලී අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි."
එමෙන් ම, රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, දූෂණ අවම කිරීමටත් පියවර ගත යුතු බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.
"මේ ගැටලු ටික විසඳ ගත්තොත් අපට පුළුවන් ලෝකයේ හොඳ ම පාස්පෝට් එක තියෙන රටවල් 10 අතරට යන්න."
ජාත්‍යන්තර ව්‍යවසායකත්වය
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ වෙළෙඳාම පමණක් ප්‍රමාණවත් නොවන බව මහාචාර්ය නලින් අබේසේකර පවසයි.
"දැන් ඉස්සර වගේ තේ, පොල්, රබර් අපනයනය කරලා ආර්ථිකය ගොඩ ගන්න අමාරු යි. ඒ වෙනුවට අපි කළ යුත්තේ, සිනමාව, ගේමිං, සංගීතය ආදිය ජාත්‍යන්තර තත්ත්වයකට ඔසවා තැබීම යි."
දැන් ලෝකයේ රටවල් මුදල් උපයන්නේ, ඉහත කී ක්‍රම ඔස්සේ බව මහාචාර්යවරයා පැවසීය.
"ව්‍යවසායකත්වය ගැන පාසල් අධ්‍යාපනයේ සිට ම ඉගැන්විය යුතුයි. මේ රට ගොඩගන්න නම් ව්‍යවසායකයන් අවශය යි. මේකත් අලුත් ජනපති ජය ගත යුතු අභියෝගයක්."
මානව හිමිකම් අභියෝගය
ඉදිරියේදී තේරී පත් වන ජනාධිපතිවරයෙකු මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයක් වන්නේ, මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශ්වාසයක් ඇති කර ගැනීම ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙන්නේ, මානව හිමිකම් ගැටලුව ජය ගැනීම ඉදිරි ජනාධිපතිවරයා ඉදිරියේ ඇති බරපතළ ම අභියෝගයක් බව ය.
ඔහු එම අභියෝග ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි.
ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසූ පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් අභියෝග මෙසේ ය.
ඊට අමතරව, මානව හිමිකම් උල්ලංඝණය වීම අවම කිරීම සඳහා දේශීය වශයෙන් ගත යුතු පියවර රැසක් ද ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසීය.
"අලුතින් පත් වෙන ජනාධිපතිවරයාට මේ සියලු අභියෝග ජය ගන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් අනාගතයේදී ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක වගේ බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්," ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් පැවසීය.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" "නෑ" "ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?" "ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි." "හොඳයි හොඳයි"
වර්ෂ 2016 දී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජපන් ජාතික විද්‍යාඥ යොෂිනොරි ඕසුමි (Yoshinori Ohsumi) වෙත පිරිනැමීමත් සමඟ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ අප මෙතෙක් නොසිතූ අන්දමේ විස්මිත සොයාගැනීමක් වෙතය.
අපි අපට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා සටන් කරන්නෙමු. නීතියේ පිළිසරණ පතන්නෙමු. අයිතිවාසිකම් හිමි වූ පසු ඒවා රැකගන්නට වෙර දරන්නෙමු. එලෙස නීතිමය ප්‍රතිපාදන සැලසුණු පසුත්, සිය මූලික අයිතීන් සපුරා ගැනීමේ ඉඩකඩ 16 වසරක් තිස්සේ එක් ප්රජාවකට ඇහිරී තිබීමම, ඔවුන් කෙරෙහි වගකිවයුත්තන්ගේ ඇති සැලකිල්ලේ තරම පෙන්වයි.