විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
හැමිල්ටන් ඇළ සහ ලුණු ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය අද (19) අලුයම 01.30 සිට ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදු වී ඇති බව "අද දෙරණ" වාර්තාකරු සඳහන් කළේය.
මෙම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට තෝඩුවාව පොලීසිය දැනුම් දී ඇත.
"අද දෙරණ" වාර්තාකරු පැවසුවේ මෙම මාර්ගයේ ගමන් කළ රථ වාහන කිහිපයක් ජලයට අසුවී ධාවනය කිරීමට නොහැකිව නතර වී තිබු බවය.
මේ අතර, කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ඉන් තත්පරයට ඝන මීටර 53ක ජල ධාරිතාවක් කුඩා ගඟ වෙත මුදා හැරෙන අතර කුඩා ගඟා පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.
බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස් හන්දිය යන ප්‍රදේශවල මාර්ග, පහත්බිම් සහ නිවාස ද මේ වන විට ජලයෙන් යටවී පවතින බව "අද දෙරණ" වාර්තාකරු සඳහන් කළේය.
එමෙන්ම බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන අතර බුලත්සිංහල සිට මෝල්කාව, ලත්පදුර, කෙලින්කන්ද ආදී ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
එමෙන්ම මහවැව, ලුණූ ඔය හා හැමිල්ටන් ඇළ පිටාර ගැනීමත් සමඟ කොළඹ - පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලව ඇත.
ඒ අනුව මේ වන විට මහවැව තනිවැල්ල දේවාලයේ සිට මහවැව නගරය දක්වා මාර්ගය ජලයෙන් පිරී ඇති හෙයින් රථවාහන ගමනා ගමනය ඉතා අවදානම් බව මාදම්පේ හා මාරවිල පොලිස්ථාන වලින් දැනුම් දී තිබේ.
මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 2,354 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.