වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මානව ජලභීතිකා රෝගය පිළීබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන බවත් ජනතාව තුළ ජලභීතිකා රෝගය පිළිබඳ අවබෝධය ඇති කිරීම ඉතා ම වැදගත් බවත් වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමිනි.
ජලභීිතිකා රෝගය 100% මාරාන්තික රෝගයක් බවත් රෝග ලක්ෂණ මතු වූවාට පසු ජීවිතයක් බේරා ගැනීම අපහසු කාර්යයක් බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. නමුත් ජනතාව මේ සම්බන්ධයෙන් නිසියාකරව දැනුවත් වුවහොත් මෙම රෝගය වළක්වා ගත හැකි බවත් ඔහු පැවසීය.
ජලභීතිකාව බෝ කළ හැකි ක්ෂීරපායි සතෙකුගේ (බල්ලන්, බළලුන්, නරියන්, දඩු ලේනන්, උරුලෑවන්, කැලූ බළලුන්, මුගටියන්, ඌරු මීයන්, උගුඩුවන්) සපා කෑමක් හෝ පවතින තුවාලයක් මත එවැනි සතෙකුගේ කෙල තැවරීම මෙන්ම ශ්ලේස්මල පටල හරහා වුව ද (ඇස් මුඛය නාසය ආශ්‍රිත) මෙම වෛරසයට අපගේ ශරීරයට ඇතුළු වීමේ හැකියාව පවතින බව වෛද්‍යවරයා සඳහන් කරයි.
මෙම වසරේ මේ දක්වා ජලභීතිකා වෛරසය ශරීරගත වීිමෙන් මෙරට පුද්ගල මරණ 11ක් සිදුව ඇති බවත් එම සියලු ම මරණ සිදුව ඇත්තේ ජලභීතිකාව වැළැක්වීම සඳහා ලබා දෙන ප්‍රතිකාර නිසියාකාරව ලබා නොගැනීම නිසා බව ද ඔහු අවධාරණය කරයි.
රෝගය වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතා ම වැදගත් බව පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ එවැනි සතෙකුගේ සපා කෑමකට ලක් වුවහොත් හෝ තුවාලයක් මත ඛේටය තැවරුනහොත් එම තුවාලය සබන් හා වතුර යොදා හොදින් විනාඩි 05ක් වත් ගලායන ජලයෙන් සේදිය යුතු බවයි. ඉන් අනතුරුව අයඩීන් ද්‍රාවණයකින් හෝ සරිජිකල් ස්ප්‍රීතු මගින් තවදුරටත් තුවාලය පිරිසිදු කළ යුතු අතර අනතුරුව වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන් කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.