හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
2023 වසරට අදාළ හිඟ බදු තවදුරටත් නොගෙවන්නේ නම් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමට වහාම අවශ්‍ය උපදෙස් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා (07) මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් මීට පෙර ලබා දුන් නිර්දේශ අනුව ආදායම් රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල උසස් නිලධාරීහු මෙම කාරක සභාවට කැඳවා තිබිණි.
පසුගිය ජූනි 30 වන විට 2023 වසරේ හිඟබදු අය කර ගන්නා ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට මීට පෙර නිර්දේශයක් ලබාදී තිබුණද මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවශ්‍ය උපදෙස් නොලැබුණ බැවින් අදාළ නිර්දේශය ක්‍රියාත්මක නොකළ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කාරක සභාව ඉදිරියේ පැවසීය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් කාරක සභාව පෙන්වා දුන්නේ දැනට රු. බිලියන 7.9 ක්ව පවතින සමස්ත හිඟ බදු මුදල් කඩිනමින් එක්රැස්කිරීමට කටයුතු කරන ලෙසයි.
මෙම රු.බිලියන 7.9 න් රු. බිලියන 5ක්ම ඩබ්. එම් මෙන්ඩිස් සහ සමාගමේ හිඟ බදු බවද කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය. මත්පැන් නිෂ්පාදන ආයතන 25ක ප්‍රමාණයකින් ආයතන එකක් හෝ දෙකක් මෙලෙස බදු පැහැර හැරීම සිදුකරන බවත් ඔවුන්ට දිගින් දිගටම සහන ලබා දීම බදු ගෙවන අනෙක් ආයතනවලටත් සිදුකරන අසාධාරණයක් බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. මෙරට සාමාන්‍ය අහිංසක ජනතාවගෙන් බදු අයකරද්දී ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදකයන්ට මෙලෙස බදු ගෙවීම පැහැර හැරීමට ඉඩ තබන්නේ කෙසේදැයි කාරක සභාව සිය දැඩි අප්‍රසාදය මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට පළ කළේය.
2023 දෙසැම්බර් වන විට රු බිලියන 1.1ක්ව පැවති හිඟබදුවලින් රු. මිලියන 729ක් එකතු කර ඇති බවත් සුරාබදු කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.
වංචා වැළැක්වීම පිණිස සහ නියමිත පරිදි බදු එකතු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. එසේම පසුගිය කාලයේ අනාවරණය වූ ව්‍යාජ ස්ටිකර් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය විමසා සිටි අතර නිලධාරීන් පැවසුවේ තවමත් ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ පාර්ශ්ව සහ ව්‍යාජ ස්ටිකර් ඇලවූ ස්ථාන අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.