වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රැජින හෝටලයට යාබද පදික වේදිකාවක් ලෙස භාවිතා කරන කොරිඩෝවේ හැර වෙනත් කිසිදු පදික වේදිකාවක ආසන පැනවීමට පෙරහැර කාල සිමාවේදී කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පැවසුවාය.
පෙරහැර නැරඹීමට පැමිණෙන පොදු ජනතාව ගැන සළකා බලා මහනුවර මහනගර සභාව මෙම තීරණය ගත් බව පැවසූ නාගරික කොමසාරිස්වරිය එලෙස පදික වේදිකා අවහිර කරමින් ආසන පනවා ඇති අවස්ථා වෙතොත් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසද පැවසුවාය.
නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ
මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර මහ නගර සභා ශාලාවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
රැජින හෝටලට යාබද කොරිඩෝව සහිත පදික වේදිකාව වසර ගණනාවක සිටම ප්‍රවේශ පත්‍ර ලබා ගෙන පෙරහැර නරඹන බැතිමතුන් වෙනුවෙන් ලබා දෙන බව පැවසූ කොමසාරිස්වරිය මෙවරත් ව්‍යාපරිකයෙක් විසින් එය ටෙන්ඩර් පරිපාටියෙන් ලබා ගෙන ඇති බවද පැවසුවාය. පෙරහැර සඳහා අවශ්‍ය පොදු පහසුකම් සැපයීමේදී ඒ සදහා මහනුවර මහ නගර සභාවට දැරීමට සිදු වන මුදලෙන් කොටසක් හෝ ප්‍රතිපූර්ණය කර ගන්නේ මෙම කොටස බදු දීමෙන් බව ද ඇය පෙන්වා දුන්නාය.
සාමාන්‍යයෙන් මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් මහජන සුබ සාධන ඇතුළු පොදු පහසුකම් සැපයීම වෙනුවෙන් මහනුවර මහ නගර සභාවට රුපියල් එක් කෝටි අසූ පන්දහසකට ආසන්න මුදලක් මුදලක් වැය වන බව පැවසූ නාගරික කොමසාරිස්වරිය සාමාන්‍යයෙන් පෙරහැර කාල සීමාව තුළ දිනකට ලක්ෂ දහයකට ආසන්න පිරිසක් මහනුවරට ඇදී එන බව ද පැවසුවාය. එම පොදු පහසුකම් සැපයීම වෙනුවෙන් මහනුවර මහ නගර සභාවේ 2000 කට ආසන්න කාර්ය මණ්ඩලයක් සේවා මුර ක්‍රමයක් යටතේ යොදවන බවද ඉන්දිකා අබේසිංහ පැවසුවාය.
පදික වේදිකා හැර අනිකුත් ස්ථානවල ආසන පනවන පිරිස සම්බන්ධයෙන්ද මෙවර විමර්ශන කටයුතු කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ගේ සම්බන්ධීකරණයෙන් පවත්වන පෙරහැර සංවිධාන කමිටුවේදී තීරණය කළ බව පැවසූ කොමසාරිස්වරිය දිය වඩන නිළමේතුමන් විසින්ද ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන මෙන් පෙරහැර භාරයෙන් ඉල්ලා සිටි ඇය පැවසුවාය.
එවැනි අසාධාරණ ලෙස ආසන පනවා මුදල් අය කිරීම් පාලනය කිරීමේ අයිතිය පෙරහැර භාරයට පැවරෙන බව පෙන්වා දුන් කොමසාරිස්වරිය මහනගර සභාව හා ඔවුන් එකතුව ඒ පිළිබඳ වැටලීම් සිදු කරන බවද වැඩිදුරටත් සඳහන් කළාය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.