1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන ඇය 80 වියෙහි පසුවිය.
වර්ෂ 1962 ජූලි 01 වැනිදා ඇය ගුවන් විදුලියට එක්වූයේ සහය නිවේදිකාවක් ලෙසයි.
වෙළෙඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් ලෙස මුළින්ම හඬ අවධි කළ ඇය ස්ථිර නිවේදිකාවක් ලෙසින් ගුවන්විදුලිය තුළ පසුකාලීනව ස්ථාවර වූණා.
ඇය නිවේදන කටයුතු කළ “පිබිදෙන ගායක පරපුර”, “ෆොරෑන්ස් වාසනා හත”, “ඕවල්ටීන් පැනපොඩි”, සිනමා ප්‍රවර්ධන වැඩසටහන් සහ “රේඩියෝ සඟරාව” එකළ වඩාත් ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් අතර වූ බව රහසක් නොවේ.
එකළ රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනියේත් , ජාතික රූපවාහිනියේත් පළමු ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට එක් වූ ඇය, මෑතකදී ලක්හඬ ගුවන්විදුලියෙහි ඉදිරිපත් කළ “හෙවනට එන්න ” වැඩසටහනින් ද රසික සිත් සෙනෙහසින් ආමන්ත්‍රණය කරන්නට ඇය යළිත් සමත් වුණා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.