CLOSE

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් තම පක්ෂය සහාය පළ කරන අපේක්ෂකයා කවුරුන්දැයි අද ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඊයේ (30)දා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ ඔහු කියා සිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, අද (31)දා පස්වරුවේ රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ මත අදහස් සාකච්ඡාවට බඳුන් කරන බවය. එහිදී බහුතර  පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බවද හෙතෙම කීය.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.