වනවාසල දුම්රිය අනතුරෙන් තුවාල වූ අයට වන්දි ලැබෙන්නේ මෙහෙමයි
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
රට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දුවලට අත ඉස්සු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික වෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
අනුරාධපුර, බුල්නෑව නගරයේදී ඊයේ (30) පැවැති ජාතික ජන බලවේගයේ ගොවි රැළිය, අමතමින් අනුර කුමාර දිසානායක ඒ බව පැවැසීය.
''අපි මාරුවෙන් මාරුවට ඡන්දය දුන්නාට, මාරුවෙන් මාරුවට නායකයෝ ගෙන ආවට, මාරුවෙන් මාරුවට ආණ්ඩු හැදුවාට ඒ හදලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු, අපි එකවතාවක් හදමු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපි නීතී හදන්නේ පොදු ජනතාව වෙනුවෙන්. සල්ලි වියදම් කරන්නේ පොදු ජනතාව වෙනුවෙන්.
ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්න ඕන. යම් ණය ප්‍රමාණයක් කපා හරින්න ඕන.ඒ ගොල්ල කපන්නේ දයා ගමගේගේ ණය අපි කපන්නේ ගොවි ජනතාවගේ ණය. අපි 2004 චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩුවට ගියා. දාපු එක කොන්දේසියක් තමයි රුපියල් 25 000 ක් දක්වා සියලු ගොවි ණය කපන්න ඕන කියලා. අපේ කොන්දේසිය වුණේ ගොවි ජනතාවගේ ණය කපන්න.
ඒ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු. අපි හදන්න ඕන ජනතාවගේ ආණ්ඩුවක්. ඒ නිසා තමයි කියන්නේ සැප්තැම්බර් මාසේ 21 වැනිදා කියන්නේ වැදගත් දිනයක්, මෙච්චර කල් හැදුවේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු, මෙවර අපි පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හදමු.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.