තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.
ඒ අනුව එම වැඩසටහන් නතර කිරීමට පියවර ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක හුස්ම සහ සක්වල වැඩසටහන් නතර කෙරුවත් රජයේ මුදල් අවභාවිතා කරමින් නිවාස ඔප්පු සහ ඉඩම් බෙදාදීම, ශිෂ්‍යත්ව වැඩසටහන්, ආගමික වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක බවත් මැතිවරණ කාලසීමාවක රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් මැතිවරණ නීතිය සැමට සමානව බලාත්මක කරමින් එම කටයුතු නතර කරන්නයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට ලිඛිතව පැමිල්ලි කළ බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.