වනවාසල දුම්රිය අනතුරෙන් තුවාල වූ අයට වන්දි ලැබෙන්නේ මෙහෙමයි
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙක් අද (29) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මොසමක් ඉදිරිපත් කරමින් පෙනි සිටි බව නුවරඑළිය මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසීය.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග ඉකුත් මැයි මස 30 දින නුවරඑළිය පිඩෘ වතුයායට අයත් තේ කර්මාන්ත ශාලාව වෙත ගොස් එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය පැය කිහිපයක් ඔවුන් භාරයේ රඳවා ගත්තේ යැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉකුත් මස 22 වන දින කරුණු වාර්තා කරමින් කියා සිටියේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත්, විමර්ශන කටයුතු අවසන් කර නොමැති නිසා සැකකරුවන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවය.
එම වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නිතිඥයින් සැකකරුවන්ගේ නම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන බවත්, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.
ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, එම පක්ෂයේ ජාතික සංවිධායක එස්. සත්‍යවේල්, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජික ලෝගදාස් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යෝගනාදන් යන අය අධිකරණය වෙත ඉදිරිපත් වී ඇත.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් වු අවස්ථාවේ නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි අධිකරණය හමුවේ පවසා ඇත්තේ, පොලීසිය මඟින් සැකකරුවන් කිසිවෙකු නම් කර නොමැති නිසා මෙම නඩුව ලබන මස 26 දින කැඳවන බවය.
ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකු අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් අප ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල් ගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ, පොලීසිය මඟින් තම පක්ෂයේ මහ ලේකම්වරයාගේ හෝ තමන්ගේ නම් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොතිබු බවත්, වතු සමාගම් වෙනුවෙන් පෙනී සිටි නිතිඥයින් අධිකරණය හමුවේ තමන් සැකකරුවන් ලෙස නම් කර සිටි නිසා අධිකරණයට ගරු කිරීමක් වශයෙන් තම පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු තමන් තිදෙනා අද අධිකරණයට මොසමක් මඟින් ඉදිරිපත් වු බවය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.