මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඉන්දියාව සමඟ මෙරට සම්බන්ධතාව වැඩිදියුණු කරමින් පවතින බවත් ඒ අනුව ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙමින් ඉදිකිරීමට නියමිත පාලම හරහා මෙරටට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක බවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (24) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වරාය පිවිසුම් අධිවේගී මාර්ගය පිළිබඳ තාක්ෂණික සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.
"ඉන්දියාව සමඟ අපේ සම්බන්ධතාව වැඩිදියුණු කරමින් පවතිනවා. ඒ මෙරට ආර්ථිකයට රුකුලක් වීම සඳහායි. අප බලාපොරොත්තු වන සම්බන්ධතා කොරිඩෝවේ ගොඩබිම් සම්බන්ධතාව කියන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදි කිරීමයි. කිලෝමිටර් 50ක් පමණ දිගකින් යුතුව මුහුද හරහා මෙම පාලම ඉදි කළ යුතු නිසා අප මේ අද සාකච්ඡා කරනු ලබන තාක්ෂණය එතැනින් ඉදිරියට ගෙන යායුතු වෙනවා. පැරණි කාලයේ පැවතුණා යැයි මතයක් පවතින ආදම්ගේ පාලම මාර්ගය ඔස්සේ මෙම පාලම ඉදිකිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. එයින් අපට ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ දැනුම ලැබෙනවා. අනාගත පරම්පරාවේ ඉංජිනේරුවන්ට එයින් රැකියා සහ දැනුම ලැබෙනවා. ඒවගේම ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. වරාය හා සැපයුම් කටයුතු වර්ධනය වෙනවා. මෙයින් දකුණු ඉන්දියාවේ ආනයන සහ අපනයන ඇතුළු වෙළෙඳ කටයුතු ශ්‍රී ලංකාවේ වරායන් හරහා සිදුකළ යුතු වෙනවා. මේ හරහා ඔවුන්ගේ සැපයුම් වියදම් 50%කින් පමණ අඩු වනවා සේම වරාය තුළ වගේම අනෙකුත් සේවා සඳහා ද අපට විශාල අවස්ථා ප්‍රමාණයක් ඇතිවෙනවා.
ඒ නිසා අපේ රටට හොඳ අනාගතයක් තිබෙනවා. නමුත් අප ස්ථාවර ප්‍රතිපත්ති ඔස්සේ මේ ගමන යා යුතුයි. ඒ සඳහා අප සියලුදෙනා එකතු විය යුතුයි.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.