පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
නදීරා මඩුගල්ල විසින් රචිත “පාර්ලිමේන්තුවේ බලහත්කාරය – පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු” නමැති කෘතිය එළිදැක්වීම ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
නදීරා මඩුගල්ල තමන් විසින් විසි වසරක් තුළ සමීපව ලත් අත්දැකීම් සහ එකතු කරගත් දැණුම තුළින් පාඨක ලෝකයට එක් කරන “පාර්ලිමේන්තුවේ බලහත්කාරය” ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය විදහාපාන අපූරු කැඩපතකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මාධ්‍යයට, සමාජ මාධ්‍යයට හසු නොවු කරුණු කාරණා රටට හෙළිදරව් කරන්නට රූප, ශබ්ද මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වරින් වර උත්සාහ කර ඇති කතුවරිය මෙම ග්‍රන්ථය හරහා එහි තවත් එක් පියවරක් තබා තිබේ.
නදීරා මඩුගල්ල, දේශපාලන විද්‍යාව පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. ජනමාධ්‍යවේදය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත්, ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමාවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් ඇය ගුවන් විදුලිය රූපවාහිනිය සහ පුවත්පත යන මාධ්‍යත්‍රයේම ප්‍රවීණ ජනමාධ්‍යවේදනියක් වන අතර පාර්ලිමේන්තු විෂය කෙරෙහි ද අත්දැකිම් බහුල මාධ්‍යවේදිනියෙකි. ඇය මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි.
කෘතියේ පළමු පිටපත නදීරා මඩුගල්ල විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත පිළිගැන්වූ අතර අනතුරුව ඇයගේ දෙමාපියන් වෙත සහ මැති ඇමතිවරු ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් වෙත කෘතිය පිළිගැන්වීම සිදු විය.
කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ ප්‍රධාන දේශනය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් විසින් සිදු කළේය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායත් ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන් පිළිබඳවත් “පාර්ලිමේන්තුවේ බලහත්කාරය” කෘතිය මඟින් රසවත් ලෙස ජනතාවට සමීප කර ඇති බවයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සමාජයට හොඳ විවරණයක් ලබාදීමටද නදීරා මඩුගල්ල කතෘවරිය මෙම කෘතිය මඟින් උත්සාහ දරා ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.